හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන් නව වසරක් ඇරඹීමේ දිනය ලෙස තෛපොංගල් දිනය සමරනවා.
තෛපොංගල් යන්නට අස්වනු නෙළීමද සංකේතවත් වෙනවා. මෙදින ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත සිය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
භෝගි ලෙස හඳුන්වන තෛයිපොංගල් උත්සවයේ පළමු දිනයේදී හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර පුළුස්සා දමා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර තෛපොංගල් දින පෙරවරුවේ උක්ගසින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කරනවා.
පොංගල් ලෙස හඳුන්වන දෙවැනි දිනයේදී අලුත් බත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීම සිදු වෙනවා.