Thu. Jun 26th, 2025

ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

Jul1,2024

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසු විය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබෙනවා.

නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළා.

ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *