දේශීය ටයර් නිෂ්පාදකයා නගා සිටුවීමටත්, පාරිභෝගිකයන් වෙත සහන මිලකට ප්‍රමිතයෙන් යුත් ටයර් ලබා දීමත් සාකච්ඡා කිරීමට ඇමැති වසන්ත සමරසිංහ සහ දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමය අතර හමුවක් වෙළඳ අමාත්‍යංශයේදී පැවැත්වුණා.
රට තුළ ටයර් නිෂ්පාදනය කරද්දී විදේශ සංචිත ඩොලර් මිලියන ගණනක් වැය කර ටයර් ආනයනය කිරීම නිසා සිදුවන හානියද ටයර් ආනයනය නිසා රට තුළ අනවශ්‍ය ටයර් සංචිතයක් පවතින බවද නිෂ්පාදකයන් කියා සිටියා. ඉදිරියේදී ටයර් ආනයනයට සීමාවන් පනවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඒ අතර දේශීය ටයර්වල මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමටද තීරණය වී තිබෙනවා.