Sat. Jun 28th, 2025

සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක

2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2023 වසර සඳහා හිඟ බදු 2024 නොවැම්බර් 30 වන විට ගෙවන ලෙසත් 2024 සඳහා බදු 2024 දෙසැම්බර් 31 දිනට පෙර ගෙවන ලෙසත් සුරාබදු දෙපාර්තමේන්තුව මීට පෙර මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබුණා.

2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රුපියල් බිලියන 162ක බදු මුදලක් අයකර ගැනීමට අපේක්ෂා කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි සඳහන් කළා.

සැප්තැම්බර් 15 වන විට ඔවුන් බදු ලෙස රුපියල් බිලියන 152ක් එකතු කර තිබෙනවා.

2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැප්තැම්බර් 15 වන විට සුරාබදු දෙපාර්තමේන්තුව 29.6%ක වැඩි බදු ප්‍රමාණයක් ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා රජය 2024 සඳහා රුපියල් බිලියන 232ක ඉලක්කයක් තබා ඇති අතර එය පසුගිය වසරේ ඉලක්කය වූ රුපියල් බිලියන 179ට සාපේක්ෂව 29.6ක වර්ධනයක් පිළිබිඹු කරනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඔවුන් එම ඉලක්කය සපුරා ගැනීමේ මාවතේ සිටින බවයි.

නීති විරෝධී ස්කාගාර මගින් කසිප්පු සහ මත්පැන් බෝතල් නිෂ්පාදනය අවම කිරීම සඳහා 2024 දී නව බලපත්‍ර කිහිපයක් නිකුත් කර ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඇතැම් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් හිඟ බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *