කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයින්ගේ රුපියල් තුන්දහසක අන්තර්කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමග ඔක්තෝබර් විශ්‍රාම වැටුප සමග ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙම දීමනාව ලබාදීමට මුදල් අමාත්‍යංශය ද ලිඛිත අනුමැතිය ලබාදී ඇති බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කරන බවයි ඒ මහතා කියා සිටියේ.