Sat. Jun 28th, 2025

කෝටි දෙකකට ආසන්න විදේශිය දුම්වැටි තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

Jun17,2024

නීති නිරෝධිව මෙරටට ගෙන්වු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටී තොගයක් සැකකරුවන් තුන්දෙනෙකු සමඟ මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන් මරදාන ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.

එහිදි තීරු බදු රහිතව මෙරටට ගෙන්වු විවිධ වර්ගයේ දුම්වැටී එක්ලක්ෂ විසිදහසක් සමග සැකකරුවන් 3න් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දුම්වැටී තොගය දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සදහා සුදානම් කර තිබු බවයි මූලික විමර්ෂණවලදී හෙළි වුණේ.

සැකකරුවන් වැඩිදුර විමර්ෂණ සදහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *