Sat. Jun 28th, 2025

පෙම්වතුන්ට පාට් එක දාල අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙන්නා ට අන්තිමට වුණු වැඩේ

Aug21,2024

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බවට වාර්තා වුණා

එම නිලධාරීන් දෙදෙනා ඉකුත් 14 වෙනිදින සවස 6 සිට පසු දින 6 දක්වා යතුරු පැදි සංචාරයේ යොදවා තිබෙනවා

කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂාවට ලක්කර එහි රියදුරු අසුනේ සිටි තරුණයකු සහ ඊට යාබද අසුනේ සිටි තරුණියක අශෝබනව හැසිරෙන බවට බවට සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ඔවුන් දෙදෙනා බිය ගන්වා රුපියල් 10000ක මුදලක්ම අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කර ඇති බවට යි වාර්තා වුණේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *