Sat. Jun 28th, 2025

මෙහෙමත් අපරාධ! සෞඛ්‍ය සංවර්ධනයට දුන් කෝටි ගාණක් වතුරේ ගිහින්!

Feb6,2025

ජාතික සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නැති බව ජාතික විගණන කාර්යාලයෙන් හෙළිදරව් කර තිබෙනවා.

1998 වර්ෂයේ සිටම ලැබුණු පරිත්‍යාගයි මෙසේ භාවිත කර නැත්තේ.

ඒ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට පරිත්‍යාග කර තිබු රුපියල් කෝටියකට අධික මුදලක්ද එම කටයුත්තට යොදාගෙන නැහැ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ එම රෝහලේ මහල් 10ක ගොඩනනැගිල්ලක් වෙනුවෙන් රුපියල් කෝටි 62කට වැඩි මුදලක් රැස් කර තිබුණද 2023 වසරේ එයින් වැය කර ඇත්තේ රුපියල් කෝටි 8ක් පමණයි.

අපේක්ෂා රෝහල සඳහා පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි 40ක් පැවති බවත් 2022 සහ 2023 වර්ෂයේ මෙයින් කිසිදු ඵලදායි යමක් කර නැති බවත් පැවසෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *