මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශවලට හා දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වනවා.
එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරන බවට ද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැති බව ද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.
විගණනය මගින් පෙන්වා දී ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වාහන 04ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නැහැ.
එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් වාහන 01ක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර නොතිබුණ බව විගණන වාර්තාවේ සඳහන්.
වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.
මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණන දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබෙන්නේ තොරතුරු සොයා බලා වාර්තා කරන බවයි.
මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණා.