අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ සමාලෝචනය ප්‍රමාද වනු ඇතැයි මහ බැංකුව තහවුරු කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම ප්‍රමාදය පිළිගෙන තිබෙනවා.
එය සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව කාලසටහනක් මෙතෙක් ලබාදී නැති අතර සමාලෝචනය 2024 අවසානයට පෙර සිදුවේද යන්න පැහැදිලි නැහැ.
තුන්වැනි සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගටම කටයුතු කරමින් සිටින බව IMF නියෝජිත කණ්ඩායම මේ මස මුලදී කොළඹ සංචාරයකින් පසුව පැවසුවා.
මේ අතර වොෂිංටනයේ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ණය හුවමාරුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බැඳුම්කර හිමියන් හමුවී තිබුණා.
ආර්ථික අර්බුදය මධ්‍යයේ 2022 දී සිය පළමු ණය පැහැරහැරීම සිදුකළ ශ්‍රී ලංකාව අන්තර්ජාතික බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැප්තැම්බර් මාසයේදී ණය හිමියන් සමඟ කෙටුම්පත් ගිවිසුමකට එළඹුණා.