අන්තර්ජාලය ඔස්සේ රුපියල් 180,000ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23 සහ 30 යන වයස් කාණ්ඩවල පසුවන තරුණයන් දෙදෙනෙක්.
ඔවුන් පොල්ගහවෙල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී තිබී ජංගම දුරකථන 07 ක්, විවිධ වර්ගයන්ගේ සිම්පත් 109 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රමුඛ පෙළේ වෙළඳ ආයතනයකින් තෑගි මුදලක් ලැබී ඇති බවත් එය බැර කිරීම සඳහා බැංකු ගිණුම් අංකයක ලබා දෙන ලෙසත් මෙම සැකකරුවන් ඇමතුම් මාර්ගයෙන් ඉල්ලා තිබෙනවා.
එම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඒවායේ තැන්පත් මුදල් තවත් ගිණුමකට අන්තර්ජාලය ඔස්සේ යොමුකර මුදල් වංචාවන් සිදු කර ඇති බවටයි, මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.