ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේදී සිතා මතා එම අදහස් පළ කරන ලෙස ජනපතිවරයා විසින් මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුට උපදෙස් දී ඇතැයි වාර්තා වෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසූ අදහස්වලින් පසු මෙම උපදෙස් ලබා දී තිබීම විශේෂත්වයක්. මෙයට අමතරව නිතර මාධ්‍ය අමතන ආණ්ඩු ප්‍රධානීන්ටද මෙලෙස ජනපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවයි ආරංචිමාර්ග පවසන්නේ.