Sat. Jun 28th, 2025

උතුරේදී තිලීපන් සැමරෙයි

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු පළාතේ සියළු දිස්ත්‍රික්කවල දී අනුස්මරණය කර තිබෙනවා.

මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා යාපනය, නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 37 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවන් පවසනවා.

විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකාවක් විසින් උදෑසන 10.48 ට පහන් පත්තු කරමින් අනුස්මරණය ආරම්භ කර තිබුනේ තිස් හත් වසරකට පෙර තිලීපන් අවසන් හුස්ම පොද හෙලු වේලාව සිහිපත් කරමින්.

තිලීපන් අවසන් හුස්ම පොද හෙලු ස්ථානයේදී පහන්  දල්වා තිබුනේ හිටපු විමුක්ති කොටි සාමාජිකාවක් වන කදිර්මදිගේ පියා වන තුරෙයිරාසා විසින්.

තිලීපන් අනුස්මරණ සතියට සමගාමීව විදි සංචාරය කළ රථ කිහිපයක්ද ද බ්‍රහස්පතින්දා පෙරවරුවේ නල්ලුර් පිහිටි තිලීපන් ස්මාරකය අසලට ලඟා වු බව පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *