Sun. Jun 29th, 2025

පළාත් සභා වාහන 2000කට වෙච්චි දෙයක් නෑ!

Jan15,2025 #news #slpolitics

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාල සීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ පළතා සභා පළාත්පාලන අමාත්‍යංශ්‍ය ආරංචි මාර්ග පවසනවා.

මෙම වාහන අතර විවිධ සුඛෝපභෝගී වාහන මෝටර් රථ සහ ජීප් රථ, කැබ් රථ ආදිය අඩංගු බව ද සඳහන් වෙනවා.
පළාත් සභාවල විවිධ ආයතන අමාත්‍යංශවලට අයත් වාහන මෙසේ වරින්වර අතුරුදන් වීම ඇති අතර මේ තොරතුරු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පළාත් සභා ප්‍රධානීන්ට වෙන් කර තිබු වාහන දේශපාලන හිතවතුන් භාවිත කර ඇතැයි ද හෙළිවෙනවා.
මධ්‍යම පළාත් සභාවේ පමණක් වාහන 31ක් පිළිබඳ ආගිය අතක් නැති බවයි පැවසෙන්නේ.

දකුණු පළාත් සභාවට අයත් වාහන 201 ගැනද කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *