සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු බව කියන සලිදු මල්ෂිත නොහොත් කුඩු සලිදු යන අයගේ ප්‍රධානතම ගෝලයා බව කියන පියුම් හස්තික නොහොත් පියුමා යන අයගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඩුබායිවල වෙසෙන පාතාලකල්ලි සාමාජිකයෙකු බව කියන හීනටියන මහේෂ් යන අයගේ ගොලයන්ගෙන් පියුමා යන අයට මර්ණ තර්ජන ඇති බවට ඔහුගේ නීතිඥවරිය දැනුම් දී තිබුණා.
ඒ අනුවයි ඔහුට තර්ජනයක් නැති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීම සිදුකළේ.
සැකකරුගේ ගිණුම් මගින් විශාල ලෙස මුදල් සංසරණයවී ඇති බැවින් ඒ පිළිබද පුළුල් විමර්ෂණයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
මේ අතර සැකකරු ලබන 31ක් වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.