වෙළෙඳපොළ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉන්දියාවෙන් නාඩු සහල් ගෙන්වීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත පවසනවා.
නිෂ්පාදනය නිසි පරිදි සිදු වූ බවත් සහල් ඇත්තේ මෝල් හිමියන් ළඟ බවත් පවසන අමාත්‍යවරයා එහෙත් සහල් වෙළඳපොලේ හිඟයක් ඇත්නම් රජය පියවර ගත යුතු බවත් කියා සිටියා.
මේ හරහා ගොවියාට හෝ පාරිභෝගිකයන්ට අවැඩක් සිදු නොවුවත් අතරමැදි ගසාකන්නන්ට වාසි ලැබීමට ඉඩ නොතබන බව ද කී ඔහු ගැටලු පැමිණෙන ආකාරය අනුව විසඳුම් ගෙනෙන බවත් තමන්ට සදාකාලික උත්තර නැති බවත් වැඩිදුරටත් සඳහන් කළා.