Sat. Jun 28th, 2025

චීන වෛරසයට බිය විය යුතු නෑ: මහාචාර්ය ජීවන්දර

Jan4,2025 #health #news

හියුමන් මෙටානියුමෝනියා හෙවත් (HMPV) වෛරසය බිය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ චීන්යේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේදී බහුලව දකින්නට ලැබෙන දෙයක් බවයි. මෙයින් ස්වසන අපහසුතාවක් ඇති කළත් එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවද ඔහු පවසනවා.

HMPV සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව පවසන මහාචාර්යවරයා කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත්බවද X සටහනක් තබමින් කියා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *