දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධයක් වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිඟව ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් එම රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර රෝගීන් පිරිසක් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දීය වොකාඩ් නම් සමාගමට ඉන්සියුලින් එන්නත් හත්ලක්ෂ විසිදහසක් ලබා ගැනීමට ණයවර ලිපි පවා නිකුත් කර තිබියි දී ඖෂධ නියාමන අධිකාරිය නැවත ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන් මෙම ප්‍රමාදය වී ඇති බව සඳහන්.
පෞද්ගලික ඖෂධසැල්වල මෙම එන්නත රුපියල් 680 සිට 2500 දක්වා මිල ගණන්වලට අලෙවි වන බවයි පැවසෙන්නේ.