ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ගේ 1000කට ආසන්න හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක දැක්වෙනවා.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව හා සැසඳීමේදී පසුගිය වසරේ නොවැම්බර් වන විට මෙම හිඟය පවතින බවයි දැක්වෙන්නේ.
ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837ක් වන අතර ක්ෂේත්‍ර 50කට අදාළව දැනට එම සංඛ්‍යාව 2740ක් වෙනවා.
ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් ක් සඳහා කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙක් නැති බව අනාවරණය ව තිබෙනවා.