Sun. Jun 29th, 2025

පිදුරු ගොඩට ගිනි තැබූ කාන්තාව එම ගින්නටම හසුවී මරුට

Aug6,2024

අම්පාර, බණ්ඩාරදූව, නවගිරියාව ප්‍රදේශයේ කුඹුරක වී අස්වනු නෙලීමෙන් පසු ඉතිරි වූ පිදුරුවලට ගිනි තැබීමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවී මියගොස් ඇති බව අම්පාර පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ නවගිරියාව පදිංචි ඩබ්.එම්.බණ්ඩාර මැණිකේ නමැති 73 හැවිරිදි කාන්තාවක්.

කුඹුර ට ගිය කාන්තාව නැවත නිවසට නොපැමිණිම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදී ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවී තිබෙනවා.

පසුව පවුලේ ඥාතින් විසින් මේ පිළිබඳව බංඩාරදුව පොලිස් ස්ථානයට දැනුම් දි ඇති අතර බංඩාරදුව පොලිසිය මගින් මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *