මාර්ග සංඥා නොතකා යාපනයේ ස්වර්ණාභරණ වෙළඳ සැලක අයිතිකාරියක් පැදවූ සූඛෝපභෝගී රථයකට යටවීමෙන් යාපනයේ තරුණයෙකු 13 දා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
තුවාලකරුගේ දෙපා මෙම අනතුරෙන් සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති අතර ඔහු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ සිහි මද ගතියෙන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. යාපනයේ ඉලුප්පෙයිඅඩි හන්දියේදී රාත්‍රී කාලයේ මේ අනතුර සිදුව තිබේ.
ඒ අවස්ථාවේදී කාන්තාව පැද වූ වාහනය පැද වූ දිසාවට දකුණු දෙසින් පැමිණෙමින් තිබූ වාහන සඳහා මාර්ගය විවෘතව තිබී ඇති අතර ඒ බව හැඟවෙන විදුලි ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී කාන්තාව ඒවා මායිම් නොකොට සිය වාහනය කෙලින්ම ධාවනය කර වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් පසුව අනතුර සිදු කළ කාන්තාවගේ ස්වාමියාද පොලිසියට පැමිණ ඇති අතර ස්වලප වේලාවකට පසුව දෙදෙනාම පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
යාපනයේ වැසියන් ප්‍රකාශ කරන්නේ පොලිසිය කාන්තාවට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවයි. යාපනය පොලිසියේ රථ වාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.