දඹුල්ල, සීගිරිය අර්ධ නාගරික ග්‍රාසේවා වසම් 12ක්, වනජීවී කලාප ලෙස ගැසට් කර තිබීම හේතුවෙන් වසර 40ක් පුරා නොවිසදී තිබූ සමාජ ආර්ථික ගැටලුව නිරාකරණය කර ජනතාව වෙත නිදහසේ ඉඩම් බුක්ති විඳීමේ අයිතිය ලබාදීමට හැකි වී තිබෙනවා
මාතලේ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු සභාපති ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමාගේ මැදිහත්වීම මත ලංකා පාර්ලිමේන්තුවේ පරිසර හා තිරසර සංවර්ධනය පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාව, පසුගිය සතියේ දී විභාග කරන ලද මෙම ගැටලුවට පිළියම් ලෙස එකී ඉඩම් පියවර වශයෙන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව සඳහන්
මෙම සාකච්ජාව සදහා මාතලේ මහදිසාපති තේජානි තිලකරත්න, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය, වනජීවී දෙපාර්තුමේන්තුව, වනජීවී අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු ආයතන ගනණාවක් මෙන්ම, සීගිරීය ප්‍රදේශය නියෝජනය කරන සිවිල් සංවිධාන රාශියක් සහභාගී වී තිබුණා.