Sat. Jun 28th, 2025

V 8 වෙන්දේසිය ඇරඹේ!

Jan7,2025 #news #sl economy #slpolitics
Sri Lankan government auctions government-owned luxury vehicles

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 වැනි අතිසුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා මාර්තු 1 ට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛකයකින් දැනුම් දී තිබෙනවා.

එන්ජින් ධාරිතාවය 1800 සීසී ට වැඩි පෙට්රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300සීසී ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන්, බස්, ලොරි, ට්‍රක් හැර) මෙසේ වෙන්දේසි කෙරෙන බවයි පැවසෙන්නේ.

මෙම වෙන්දේසියේදී රාජ්‍ය අංශයෙන් වාහන මිලට නොගත යුතු බවද දැක්වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *