කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඉදිරිපත් කළ යෝජනාව රටවල් 140 කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී ඊයේ (1) ඒකමතිකව සම්මත වී තිබෙනවා.
එම යෝජනාවෙන් කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණයේ වර්ධනය “මානව කේන්ද්‍රගත වීමේ මූලධර්ම” පිළිපැදිය යුතු බවත්, ප්‍රායෝගික භාවිතය ඵලදායී වන ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබෙනවා.
මෙය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල AI තාක්ෂණ හැකියාව ගොඩනැගීමටත් මෙන්ම ගෝලීය AI පාලනය තුළ ඔවුන්ගේ දායකත්වය වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.
විවෘත, සාධාරණ ප්‍රවේශයකින් වෙනස්ව සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරනවා.
කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය ඔස්සේ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම ද මෙම යෝජනාවේ අරමුණක් වන අතර එමඟින් තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමට ද ඉවහල් වනු ඇත.