Tue. Jun 24th, 2025

ශිෂ්‍යත්ව විභාගය අවුල් කළ ගුරුන්ට වැඩ වරදී

Sep21,2024 #news #police

පසුගියදා පැවැති 2024 ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර ටියුෂන් ගුරුවරුන් වෙත ලබා දීමේ සිද්ධියේ සැකකාර අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති, නිරීක්ෂක සහ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ වී තිබෙනවා.

එකී නිර්දේශය පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇති බව ආරංචිමාර්ග වාර්තා කරනවා.

ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමට සිදුවන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අවසන් තීරණයකට එළඹෙන තෙක් පිළිතුරු පත්‍ර පරීක්ෂාවද අත්හිටුවා තිබෙනවා.

මෙම සිදුවීම අනාවරණය වීමෙන් පසුව දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණු අතර දෙමව්පියන් ප්‍රදේශ රැසක විරෝධතාවල නිරත වුණා.

විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *