බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයට ඩොලර් බිලියන 10ක අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තා වනවා.
ඝාතනයට ලක් වූවන් අතර හිටපු අගමැතිනී ෂෙයික් හෂීනාට හිතවත් දේශපාලඥයන් 20 දෙනෙකු ද වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
රැකියා කෝටාවට විරෝධය පළ කරමින් බංග්ලාදේශය පුරා ඇවිලී ගිය ප්රචණ්ඩ ක්‍රියා මුළුමනින්ම අවසන්ව නැති බවයි වාර්තා වන්නේ.
කොල්ලකෑම් සහ පලිගැනීම් ප්‍රහාර තවදුරටත් සිදු වන බව වාර්තා වනවා.
එරට අන්තර්වාර පාලනයේ නායක නොබෙල් ත්‍යාගලාභී මහාචාර් මුහම්මද් යුනුස්ගේ ක්ෂණික ඉලක්කය විය යුත්තේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
විරෝධතාවලට තුඩුදුන් ගැටලුවලට විසදුම් සෙවීම ඉන් පසුව සිදු කළ යුතු දෙයක් බවද එම වාර්තා සඳහන් කරනවා.
බංග්ලාදේශයේ මිලියන 170 ක ජනගහනයෙන් 67% ක් වයස අවුරුදු 15ත් 64 ත් අතර පසුවනවා.
පසුගිය දශක දෙක තුල 6.25%ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
පස්වතාවක් අගමැති ධුරය දැරූ ශෙයික් හෂීනාගේ 15 වසරක පාලනය අවසන් කිරීමෙන් පසු මුහම්මුද් යූනුස්ගේ නායකත්වයෙන් බංග්ලාදේශය නව මඟකට යොමුවනු ඇතැයි එරට බොහෝ දෙනාගේ විශ්වාසයයි.
හෂීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රටහැරයාමෙන් පසු හිරෙන් නිදහස් වූ හිටපු අගමැතිනී බෙගම් ඛලීඩා ෂියා රෝහලේ සිට ජනතාවට සුබපැතුම් එක්කර තිබෙනවා.