Sun. Jun 22nd, 2025

පෘථිවිය මත ජීවය බිහිවීම ගැන කියන කතාව

Jul30,2024

පෘථිවිය මත ජීවය බිහිවීම සිතුවාට වඩා බොහෝ පැරණි විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

පෘථිවියේ සංකීර්ණ ජීවය සිතුවාට වඩා වසර බිලියන 1.5 කට පෙර ආරම්භ වන්නට ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ පිලිබඳ සනාථ කිරීමට නව සාක්ෂි සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ගැබොන්හි සේවය කරන විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ මීට වසර බිලියන 2.1 කට පෙර සත්ව ජීවීන් සඳහා හිතකර පාරිසරික තත්ත්වයන් පෙන්වන සාක්ෂි පාෂාණ තුළ තිබී සොයාගත් බවයි.

නමුත් ඔවුන් පවසන්නේ මෙම ජීවීන් අභ්‍යන්තර මුහුදකට සීමා වූ බවයි.

ගෝලීය වශයෙන් එම ජීවීන් ව්‍යාප්ත නොවූ බවත් අවසානයේ දී මිය ගිය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අදහස් සාම්ප්‍රදායික චින්තනයෙන් විශාල බැහැරවීමක් වන අතර සියලුම විද්‍යාඥයින් ඊට එකඟ නොවනු ඇති.

බොහෝ විශේෂඥයින් විශ්වාස කරන්නේ සත්ව ජීවය ආරම්භ වූයේ අදින් වසර මිලියන 635 කට පමණ පෙර බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *