සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළුවී මෙරටට ආවේණික ජෛව සම්පත් රැස්කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනකුට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු අද (15) නියම කළා.
මෙරටට ආවේණික දුම්බර අං කටුස්සන්, පළා කටුස්සන්, ඇහැටුල්ලන්, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේණික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230ක් රැස්කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුව එක් විත්තිකරුවකුට චෝදනා 1067 බැගින් ගොනුකළ චෝදනා 2134කට වරද පිළිගත් රුසියානු සිසුන් දෙදෙනාට එලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා සම්පුර්ණ දඩ මුදල් ගෙවනතුරු විත්තිකාර රුසියානුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගත්තා.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි.