Fri. Jun 27th, 2025

IMF ශ්‍රී ලංකාව ගැන දැන් කියන කතාව

Jun28,2024

ඩොලර් බිලියන 10 ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය හා අනෙකුත් ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාව එළඹුණු ගිවිසුම් මෙරට ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පියවරක් සමීප කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාව ඊයේ චීනය හා අනෙකුත් ණය දෙන රටවල් සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩොලර් බිලියන 10 ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

මෙරට සංචිත වාර්තාගත ලෙස පහළ ගොස් විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසුවයි 2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූනේ. එය දැන් අවසානය කරා ළඟා වී තිබෙනවා .

පැරිසියේ සිටින ශ්‍රී ලංකා නිලධාරීන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය සමග ඩොලර් බිලියන 5.8ක් ණයට දී ඇති නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ගිවිසුමට අත්සන් තැබූවා.

ඩොලර් බිලියන 4.2 ක ණය සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව සමඟ ද වෙනම ගිවිසුමක් අත්සන් තැබුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 12.5 ක පමණ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ඉතිරිව තිබෙනවා.

මේ අතර නුදුරු අනාගතයේ දී බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී කඩිනම් ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා ගනු ඇති බව ශ්‍රී ලංකාව සඳහා IMF හි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ද්විපාර්ශ්වික ණය ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කිරීම / ඩොලර් බිලියන 2.9 ක වැඩසටහන යටතේ IMF විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන කොන්දේසිවලින් එකක්. එය ශ්‍රී ලංකාවට උද්ධමනය පාලනය කිරීමට, මුදල් ස්ථාවර කිරීමට හා රාජ්‍ය මූල්‍ය වැඩිදියුණු කිරීමට උපකාරී වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරන්නේ පසුගිය වසරේ 2.3% හැකිලීමෙන් පසු ආර්ථිකය 2024 දී 3% කින් ප්‍රසාරණය වනු ඇති බවයි.

විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් වන ශ්‍රී ලංකාව, මුදල් අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව ඩොලර් බිලියන 2.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ කටයුතු අවසන් කළ යුතුව තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ, ශ්‍රී ලංකාවට 2028 දක්වා ද්විපාර්ශ්වික ණය හිමියන්ට ආපසු ගෙවීම ප්‍රමාද කළ හැකියි.

මෙම කාල සීමාව තුළ රජයට සහ ණයහිමියන්ට 2043 දක්වා නව ණය ගෙවීම් සකස් කළ හැකිය.

ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසු ශ්‍රී ලංකාව සිය ණය ඩොලර් බිලියන 16.9කින් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *