යාපනයේ ආණ්ඩියා නගර් ගම්මානයේදී බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කොට අවුරුදු 34 ක කාන්තාවක සමූහ දූෂණයකට ලක් කළ කණ්ඩායමේ ප්‍රධානියා එම කාන්තාවගේ වැඩිමල් සොහොයුරා බවට හඳුනාගත් යාපනය පොලිසිය 27 ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය පේදුරුතුඩුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක වුවත් සැකකරුවන් හා කාන්තාවගේ පදිංචිය යාපනය නගරයට ආසන්න නිසා එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් යාපනය පොලිසිය වෙත භාර දී තිබුණි.
මෙම කාන්තාවගේ මව හා පියා මියයෑමෙන් පසු ඇය සිය වැඩිමල් සොහොයුරිය සමග ජීවත් වී ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහත ඇය ද මියයෑමෙන් පසුව සිය වැඩිමල් සොහොයුරාගේ නිවසේ ජීවත් වී තිබේ.
එම පුද්ගලයා මිතුරන් සමග අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අය වන අතර ඔවුන් මත්ද්‍රව්‍ය පානය කළ දිනකදී සිද්ධියට මුහුණ දුන් කාන්තාව දූෂණය කිරීමට කතිකා කරගෙන තිබේ.
ඒ අනුව එම කාන්තාව සිටි නිවසට පැමිණි එකොළොස් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇයට මත්ද්‍රව්‍ය ශරීරගත කොට සියලු දෙනාම එක්ව ඇය දූෂණය කොට ඇත. කාන්තාවට මත්ද්‍රව්‍ය එන්නත් කිරීමත් මුලින්ම ඇය දූෂණය කිරීම සිදු කොට ඇත්තේත් දැනට පොලිස් අත්අඩංගුවේ සිටින එම කාන්තාවගේ වැඩිමල් සොහොයුරා විසිනි.
සමූහ දූෂණයකට ලක් වූ කාන්තාව රෝගී වීම නිසා ඇය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය පිළිබඳව සියලු තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් කාන්තාවගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඉතිරි පිරිසද අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තම නැගණියව 11 දෙනෙකු සමඟ කෙලෙසූ ‘පාපතර අයියා’ අත්අඩංගුවට
