Sun. Jun 29th, 2025

පස් පොඩ්ඩා ඝාතනය කළ වෙඩික්කරු කටුනායක දී අත්අඩංගුවට

Jun10,2024

ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ” පස් පොඩ්ඩා ” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු අද (10) උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙක්.

මොහු ගම්පහ ” පස් පොඩ්ඩා ” ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *