Sat. Jun 28th, 2025

ප්‍රවීණ භාෂා උපදේශක ආර් එස් ජයසිංහ මහතාගේ සේවය අගයයි

Jul1,2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට කෙරුණා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ සේවය අගයමින් ලිපියක් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු කෙරුණා.

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා 1961 අගෝස්තු මස 01 වන දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී ඇති අතර 1974 ජූලි 03 වැනි දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භාෂා උපදේශකවරයකු ලෙස පත්වී තිබෙනවා.

ඒ අනුව 2024 ජුලි 03 වැනි දිනට ඔහු අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ වසර පනහක (50) සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *