Sun. Jun 29th, 2025

කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කරලා

Jul18,2024

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුගේ වසර 3ක සිරදඬුවම වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

ඒ ඔවුන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබාදෙමිනුයි.

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් මොවුන්ට වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා දඩ මුදල් නියම වී තිබුණා.

ඒ කුරුණෑගල මහාධිකරණය හමුවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

2020 වසරේ සිදුකළ මෙම වරදට අදාළව තීන්දුව ලබාදීම සිදුකෙරුණේ 2023 දෙසැම්බර් 14 වනදායි.

වසර 3ක සිරදඬුවම වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේ කුරුණෑගල මහාධිකරණයෙන් තීන්දුව ලබාදුන් දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *