මෙරට තුළ ආන්දෝලනයකට තුඩු දුන් ජාතික තලයේ අපරාධ සහ වංචාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ඊයේ (3) දින නව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න කටයුතු කර තිබෙනවා.
දැනට කරගෙන යන විමර්ශන සහ ඒවායේ ප්‍රගතිය, විමර්ශන නැවතීමට දේශපාලන හේතු බලපා තිබේද? අනවශ්‍ය ප්‍රමාදයන් මොනවාද? අලුතෙන් ඇරඹිය යුතු විමර්ශන මොනවාද ? යන විවිධ කරුණු ගැන අවධානය යොමු කර ඇති බව සඳහන්.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු රහස් පොලිසියේ ඉහළම පෙළේ නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගි වී තිබෙනවා.