Sat. Jun 28th, 2025

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ වේ

Apr23,2024

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අදියර මැයි මස 03 දක්වා ක්‍රියාත්මක වෙයි.

2024 දෙවන පාසල් වාරය මැයි මස 20 ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අතර 2023/2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙණී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේවන විට ආරම්භ කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකිය.

පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශ පත්‍ර යොමුකිරීමට පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙයි.

මෙවර අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ නමයක් පෙනි සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *