ගම්පහ ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස සිදුකළ වාහන සොරකම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසිය සමත් වුණා.
කලක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබූ වාහන සොරකම් කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු බැලුම්මහර දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් හා අයිස් මිලිග්‍රෑම් 5,300ක්ද සොයා ගැණුනා.
නිට්ටඹුව, ගම්පහ, යක්කල, සපුගස්කන්ද, නවගමුව , කැලණිය හා වැලිවේරිය යන ප්‍ර දේශවලින් මොවුන් වාහන සොරකම් කිරීම් සිදුකර තිබූ බවයි විමර්ශන වලදී හෙළිවුණේ.
එසේ සොරකම් කළ ත්‍රි රෝද රථ 7ක් හා යතුරුපැදි 4ක් සොයා ගැනීමට ද පොලීසිය සමත් වුණා.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රිමාණ්ඩ් භාරයට පත්කර තිබෙනවා.