Sat. Jun 28th, 2025

දුම්රිය වර්ජනය අවසන්

Jul11,2024

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතාවලට අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *