Mon. Jun 23rd, 2025

ජාවාරම ජාත්‍යන්තර වෙයි: BMW රථය එංගලන්තයෙන් උස්සපු එකක්!

Oct24,2024 #2024 #news #slpolitics

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් භාවිතා කළ බව කියන, ලියාපදිංචි නොවූ බී.එම්.ඩබ්ලිව් රථය එංගලන්තයේදී සොරකම් කළ එකක් බව අනාවරණය වීම මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

ඊයේ (23) අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති විමර්ශන නිලධාරීන් පවසා තිබුණේ මෙම රථය 2021 වසරේදී එංගලන්තයේදී සොරකම් කළ එකක් බවයි.

වාහනය මෙරටදී භාවිතා කර ඇත්තේ, සොරාගන්නා ලද අංක තහඩුවක් භාවිතා කරමින් බවයි හෙළිව ඇත්තේ.

විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ මස 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *