රටේ විදුලිය විසන්ධි කිරීම් ඉතා බරපතළ ලෙස වැඩි වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ 2023 වසරේ මුදල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම් 970933ක් සිදුවී ඇති බවයි.
මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් 628286ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ මේ දක්වා අතිවිශාල ගණනක් විදුලිය විසන්ධි කිරීම් කර ඇති බවයි පෙනී යන්නේ.
විදුලි පණත උල්ලංඝනය කරමින් අධික ලාභ ලැබූ විදුලිබල මණ්ඩලයට මෙම බිල්පත් ගෙවීමට කණකර පවා උගස් තැබීමට පාරිභෝගිකයන්ට සිදුවූ බවයි ධම්මික තවදුරටත් පවසා සිටියේ.
23%කින් පමණ විදුලිය බිල අඩු කිරීමට හැකියාව ඇතත් විදුලි බල මණ්ඩලය මෙම යෝජනාවට එරෙහි වීම නිසා මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර මේ වන විට ගැටුමක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයක්.