තම පියාගේ ලක්ෂ දහසයකට ආසන්න රන් බඩු හා මුදල් ඉස්සු තම පුත්‍රයා එම මුදලින් පෙම්වතියට හිතු මතේට තෑගි අරන් දෙන්නට සුදානම්ව තම අනාගත මාමණ්ඩිය සමඟ රන් බඩු මීගලෑව රාජ්‍ය බැංකුවකට උකස් කිරීමට යන අතරවාරවාරයේදි දෙදෙනාම පසුගිය දිනෙක සැකපිට අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒවා සොරා ගත් බවට පැමිණිලි කරන ලද තැනැත්තාගේ පුතා හා ඔහු අනාගතයේ දි විවාහ වීමට සුදානම්ව සිටින පෙම්වතියගේ 54 වියේ පසුවෙන පියා බව පොලීසිය සදහන් කරයි .
තම පියා නිවසේ සිට ඉකුත් 04 වැනිදා වගාකර තිබෙන බුලත් කොටුවට ගොස් ඇත්තේ අල්මාරියේ සුරක්ෂිතව තබා තිබු සියලු රන් බඩු හා මුදල්ද රැගෙනය. ඒවායේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ අසු දාහක් පමණ වන බවත් පොලීසිය කියයි.
කෙසේ වෙතත් පියා බුලත් කොටුවෙහි වැඩ කරන අතරවාරවාරයේ සැකකාර පුතා පියාට හොරෙන් කැබ්රථය වෙත පැමිණ ගලකින් ඉදිරි දොරෙහි වීදුරුව කඩා දොර විවෘත කර කැබින් එකෙහි තිබු සේසතම රැගෙන පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය පවසයි.
ඒ අනුව සැකකරු සොයා පරික්ෂණ සිදු කරන අතරවාරවාරයේ මීගලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින පෙම්වතියගේ නිවසේ සිට පෙම්වතියගේ පියා සමඟ රන් බඩු උකස් කරන්නට යන බවට ලද තොරතුරක් මත මීගලෑව රාජ්‍ය බැංකුව ක් අසලදී 05 දා යතුරු පැදියත් සමගින් දෙදෙනාම අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
ඔවුන් පරික්ෂා කිරිමේදි උකස් කිරීමට ගිය සොරා ගත් රන්මාල 03 ක්, මුදු 04 ක්,පෙන්ඩන් 03 ක්, බේස්ලට් එකක් ,කරාඹු ජෝඩු දෙකක් සොයා ගත් බවත්, ඒවා උකසට තබා මෙම මුදලින් සැකකාර පුතාගේ තාත්තා මීට පෙර මෙම බැංකුවට උකසට තබා ඇති වැඩි වටිනාකමක් ඇති රන් භාණ්ඩ බේරාගෙන එම රන් භාණ්ඩ වැඩි මිලට වෙනත් තැනකට අලෙවි කර එම මුදලින් පෙම්වතියගේ හිත පිරෙන්නට තෑගි බෝග අරගෙන දෙන්නට සුදානම්ව සිටි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් සොරා ගත් රුපියල් 58,000 ක මුදලින් රුපියල් පන්සියකට අඩු මුදලක් අත තිබෙනවා හැරෙන්නට ඉතිරි සියල්ල වියදම් කර ස්මාර්ට් ජංගම දුරකථනය ක් හා පවර් බෑන්ක් දෙකක් ඔහුට හා පෙම්වතියට මිලදී ගෙන තිබෙනවා.
මෙම 23 වියේ පසුවෙන සැකකරු මේ වනවිට බාල අපරාධ තුනකට මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නඩු තවමත් විභාග වෙන බවත් , ඒ අනුව සැකකරු වසර පහක අත් හිට වු සිර දඩුවම් ලබා සිටින අයෙකු බවත් පොලීසිය සදහන් කරයි.
සැකකරුවන් දෙදෙනා ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබදව ඇහැටුවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි .