චීනය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබා දීමේ උත්සවයේදී අගමැතිනි හරිනි අමරසූරිය විසින් කරන ලද ප්‍රකාශයක් නිසා ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මේ බව වාර්තා කරන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි.
මෙම නිල ඇඳුම් ලබා දීමේ උත්සවයට අගමැතිනියගේ ප්‍රමාද වී පැමිණීම ද කතාබහට ලක් වුණා.
උත්සවයේදී අගමැතිනි හරිනි මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ස්තුතියි පළ කරනු ලැබුවේ, චීන සමූහාණ්ඩුව වෙනුවට චීන ජනරජයටයි. චීන ජනරජය ලෙස හැඳින්වෙන්නේ චීනය බලවත් සතුරෙකු ලෙස සලකන තායිවානයයි.
(මහජන චීන සමූහාණ්ඩුව (People’s Republic of China (PRC) චීන ජනරජය ( ‘Republic of China’ ROC – තායිවානය)
මෙය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මග පාදනු ඇති බවට ආරංචි පැතිර යනවා. කෙසේ වෙතත් පසුගි සඳුදා ඉරාක තානාපති කාර්යාලයේ පැවැති උත්සවයක් සඳහා ද සුනිල් හඳුන්නෙත්ති අමත්‍යවරයාට ආරාධනා කර තිබියදී එය නොසලකා හැර තිබුණා.