පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා
ඒ අනුව නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන, හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි
අද (30) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ.
මෙම දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩිවී ඇතැයිද, මින් පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් අත්දකින බවද පැවසූ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත, නුවර, ගාල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාම දක්නට ලැබෙන බවයි පැවසුවේ.
මෙම ඩෙංගු ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන ඉහතින් සඳහන් කළ පොදු ස්ථාන වල හිමිකරුවන් මේ පිළිබඳ අවධානය යොමු කර අවම වශයෙන් සතියකට එක් දිනක් පැය කිහිපයක් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට යෙදවීමේ වැදගත්කමද පෙන්වා දුන්නා