Sat. Jun 28th, 2025

ජනපතිගේ ආරක්ෂාව අනතුරේ! – බුද්ධි අංශ කියූ දේ

ජනපති අනුර දිසානායක මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි ද වාර්තා වනවා.

විවිධ අවස්ථාවන්හිදී ජනතාවට සමීප ලෙස ඔවුන් අතරට යෑම ජනපතිවරයාගේ ආරක්ෂාවට ගැටලුවක් ඇති කරන බවට බුද්ධි අංශ හඳුහාගෙන ඇති අතර ඒ අනුව ජනතාව අතරට යෑම අවම කරන ලෙස ආරක්ෂක අංශ ජනපතිවරයා වෙත උපදෙස් දී ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් ඇතුළු ඉහළින් තීරණයක් ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *