Sat. Jun 28th, 2025

සෙබළෙකුට අවසන් ගෞරව දෙන්න ජනපති ගිය දුෂ්කර ගමන

Nov18,2024 #2024 #news #slpolitics

ජයග්‍රාහී මහමැතිවරණයට පසු දින රාත්‍රියේ (15) හදිසියේ ම ජනපති අනුර කුමාර දිසානායක කුරුණෑගල, මාවතගම ප්‍රදේශයට ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ සිය ආරක්ෂක බලඇණියට සම්බන්ධ වී සිට හදිසියේ අභාවයට පත් සෙබළෙකුට අවසන් ගෞරව දැක්වීමටයි.

ඉතා වෙහෙසකර, නිදි වර්ජිත දින ගණනකට පසුවයි ජනපති මෙම ගමන ගොස් ඇත්තේ. ජනපති ආරක්ෂක බළකායේ ගුවන් හමුදා සෙබළෙකු නිවසේ සිදුවූ අනතුරකින් මිය ගොස් ඇති අතර අවමංගල්‍ය තිබී ඇත්තේ කුරුණෑගල, මාවතගම පිටිසර පෙදෙසකයි.

රාත්‍රී 9.30ට පමණ පැලවත්තෙන් පිටත් වී ඇති ජනපතිවරයාට සෙබළාගේ නිවස දක්වා සිය රථයෙන් ගමන් කළ නොහැකි වී තිබුණා. දැඩි වර්ෂාපතනය මැද පාගමනින්ද ගොස් සෙබළාට අවසන් ගෞරව දැක්වීමට ජනපති කටයුතු කර තිබුණා.

මිය ගිය සෙබළා එම්.ජී.ඩී.එස්. සුමනපාල නම් ගුවන් හමුදා සැරයන්වරයෙක්. ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ඩ්‍රෝන කැමරා අංශයේ සේවය කරමින් සිටි අයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *