ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මෙම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් සඳහන්.
මෙසේ අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දුන්නා.