Fri. Jun 27th, 2025

අලිරාජා සුබාස්කරන්ගෙන් දේශපාලන පිම්මක්

උතුරු පළාත සමඟ සමීප සම්බන්ධතා ඇති ලයිකා (LYCA) ජංගම දුරකථන ජාලයේ හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ඉදිරි මහමැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිර කැබලි වී ඇති දෙමළ දේශපාලන පක්ෂ එකතු කර දැවැන්ත දෙමළ දේශපාලන සන්ධානයක් පිහිටුවීමට උත්සාහ කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පසුගිය සෙනසුරාදා අල්ලිරාජා සුබාස්කරන් හමුවූ බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.

නව දේශපාලන පක්ෂය දෙමළ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී තරග කළ ආරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ සළකුණින් හෝ ආනන්ද සංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (TVK) පක්ෂයෙන් මෙම සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් තෝරාගනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළා.

කසේ වුවත් පසුගියදා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් හමුව ඇති බවත් සන්ධානගත වී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇති බවත් වාර්තා වුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පසුබිමකයි මෙම සාකච්ඡා සිදු වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *