මාලඹේ පොලිස් වසමේ, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට ඊයේ (23) රාත්‍රියේ පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නැවැත්වීමට සංඥා කර ඇති අතර එහිදී අදාළ මෝටර් රථය එක්වරම පිටුපසට ධාවනය කිරීමත් සමඟ පොලිස් නිලධාරියෙකු විසින් එහි රෝදයකට වෙඩි තබා තිබෙනවා.
එහිදී මෝටර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර, අනතුරව සිදුකළ පරීක්ෂාවේ දී රියදුරු අසුන යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800ක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
එලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව අදාළ සැකකරුවන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේ දී තවත් කේරළ ගංජා කිලෝ 01ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.