අනීතික ලෙස පුද්ගලයෙකු දින 6ක් තිස්සේ රඳවාගෙන වධ බන්ධනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිස් ස්ථානාධිපති, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපති, මාලිම්බඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු 4කගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
මෙම පිරිස 2020 වසරේදී මෙලෙස පුද්ගලයෙකු අනීතිකව රඳවා පහරදී තිබෙනවා.
මෙම සැකකරුවන් මාතර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මුදල් සහ ශරීර ඇප මත මුදා හැර තිබුණා.
මොවුන්ගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පති උපදෙස් අනුව වැඩ තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.