Thu. Jun 26th, 2025

එන ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

Dec23,2024 #news #slpolitics

නුදුරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තරඟ වැදීමට සැලැසුම් කරන බව වාර්තා වෙනවා.

එම පක්ෂයේ ප්‍රධානම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජය සමඟ පමණක් ගිවිසුම් ගත වීම ගැන ඔවුන්ගේ අවධානය යොමු ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් නැවත එක් කර ගැනීම කෙරෙහි පක්ෂයේ ම තවත් පිරිසකගේ කැමැත්ත පළව තිබෙනවා. මේ ගැන තවත් ඉදිරියට සාකච්ඡා කර තීරණ ගන්නා බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *