Wed. Apr 30th, 2025

ලොහාන්ගේ වාහනයක් තියාගෙන සිටි ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්!

නීතිවිරෝධීව එකලස් කර ලියාපදිංචි රහිතව වාහනයක් පරිහරණය කළ බවට සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු තමාට දුන් බව කියන එවැනි ම වාහනයක් ළඟ තබාගෙන සිටි මහනුවර ප්‍රසිද්ධ දේවාල කපුවෙකු වන ගාල්තැන්න දේවාලයේ ගාමිණී ආනන්ද නමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තෙල්දෙණිය අධිකරණය මගින් මේ තැනැත්තා මේ මස 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *